Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


අර්බුදය උග්‍රවීමට පෙර වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳ වනු 


2026-05-21 1272

 

විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

 

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ වර්ධනය වන කනස්සල්ල මධ්‍යයේ විපක්ෂ පක්ෂ එක්සත් වී ඇති බවත්, රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම හා සම්බන්ධ භයානක අනතුරු ඇඟවීමේ සංඥා රට නැවත වරක් මුහුණ දෙන බවට අනතුරු අඟවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය "Facebook" පිටුවේ විශේෂ ප්‍රකාශයක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ඉහළ යන පිරිවැය පීඩනය සහ වැඩිවන අවිනිශ්චිතතාවය පක්ෂග්‍රාහී ගැටලුවක් ලෙස නොසැලකිය යුතු බවත්, මෙම වර්ධනයන් සඳහා හදිසි ජාතික ප්‍රතිචාරයක් අවශ්‍ය බව අවධාරණය කළ බවත්ය.

විපක්ෂ නායක සජිත් මෙසේ ද පැවසුවේය, “අද, විපක්ෂය එකමුතුව එකට එක් වූයේ රට නැවතත් භයානක ආර්ථික අනතුරක් ඉදිරියේ සිටිනා බැවිනි. රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම, ඉහළ යන පිරිවැය පීඩනය සහ වර්ධනය වන අවිනිශ්චිතතාවය තවදුරටත් එක් පාර්ශ්වයකට පමණක් බලපාන ගැටලුවක් ලෙස සැලකිය නොහැකිය. එබැවින් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර හදිසි ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විධිමත් ලෙස ඉල්ලා සිටීමට අපි තීරණය කර ඇත්තෙමු”.

Advertiesment